[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාලු දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන වත්තේහේනේ මලියදේව නාහිමි

ගාලු දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන වත්තේහේනේ මලියදේව නාහිමි

නියාගම, තල්ගස්වල වත්තේහේනේ ශ්‍රී සුචරිතෝදයාරාමාධිපති, කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය, ශාස්ත්‍රපති වත්තේහේනේ මලියදේව නාහිමිපාණන් වහන්සේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ගාලු දිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.

වර්ෂ 1955 ජුනි මස 25 වැනි දින ගාලු දිසාවේ වත්තේහේන ග්‍රාමයේ උපත ලද නාහිමිපාණන් වහන්සේ 1967 ඔක්තෝබර් 16 වැනි දින වත්තේහේනේ සුචරිතෝදයාරාමයේ දී විචිත්‍රභාණක රෑකඩහේනේ නන්දාරාම මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බව ලබා රූකඩහේනේ ශාන්ති නිකේතන පිරිවෙනින් හා මීගහතැන්න විද්‍යාරාම පිරිවෙනින් අධ්‍යාපන කටයුතු සිදු කළහ.

පිරුණු විසි වයස් සපිරුණු මලියදේව සාමණේර හිමියන් මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී රඹුක්වැල්ලේ සෝභිත අනුනාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට ගනිමින් අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, එහි පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලද නාහිමිපාණෝ ජපානයේ බුක්කියෝ විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමාව ලබා රජයේ ගුරු සේවයට එක්ව පොලොන්නරුව ලීලාරත්න මහා විද්‍යාලය, නුගේගොඩ ශ්‍රී රේවත රාජකීය විද්‍යාලය , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය යන විද්‍යාලයන්හි ධර්මාචාර්ය හිමිනමක වශයෙන් සේවය කොට විශ්‍රාම ලැබූහ.


මහ නාහිමිපාණන් වහන්සේ අතින් සන්නස් පත්‍ර ලබමින්

ශ්‍රී ජයවර්ධනපුර මහින්දාරාම විහාරස්ථානයෙහි වැඩ සිටිමින් තත් විහාරාධිපති මීගහතැන්නේ චන්දසිරි නාහිමියන්ගේ ලෝක ශාසනික මෙහෙවරට සුවිශාල සහයෝගයක් ලබා දෙන මලියදේව නාහිමිපාණන් සහශ්‍රාධික සිසු පිරිසක් ඉගෙනුම ලබන ශ්‍රී මහින්දාරාම ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය පදවිය හොබවමින් දිවයිනේ ප්‍රධාන පෙළේ ධර්ම විද්‍යාලයක් බවට ඔසවා තැබූහ.

මෙලෙස ශාසන සංග්‍රහයෙහි නිරතවන වත්තේහේනේ මලියදේව හිමියන්ගේ මෙහෙවර කෙරෙහි ප්‍රසාදයට පත් මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මඟින් සද්ධර්ම කීර්ති ශ්‍රී නන්දාරාම යන ගෞරව නාමය සහිතව ගාලු දිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදී.

අභිනව නාහිමිපාණන් වහන්සේට ලෝක ශාසනික සංග්‍රහය පිණිස ආයු ආරෝග්‍යාදි සම්පත් සකලභිවෘද්ධිසාධනය වේවායි පතමු.

 

බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]