දියුණුව කියන්නේ
වධ විඳිමින්
සැප විඳීම නොවෙයි
මහරගම ජාතික අධ්‍යාපන
ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති
කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි
පින්වත් දුවේ පුතේ, බුදුරජාණන් වහන්සේ යනු නිශ්ශබ්දතාව අගය කළ ශාස්තෘවරයෙකි.
භික්‍ෂූන් වහන්සේලාට උපදෙස් දුන්නේ “ධම්මී වා කතා, අරියො තුණ්හීබාවා” යනුවෙන් කතා
කරන්නේ නම්, දැහැමි කතාවක නිරතවන්න. නැතිනම් නිශ්ශබ්ද ව සිටින ලෙසයි.
බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ නිතර ම නිහඬතාව අගය කළ අතර උන්වහන්සේ ආරණ්‍යගතව,
වෘක්‍ෂමූලිකව, හෝ පාලු ගෙවල් ඇසුරු කරමින් ජීවත් වූහ. අදත් අපේ පන්සල් සිත නිවන
තැන් ය.
බෝධීන් වහන්සේ යටට වී උපාසක උපාසිකාවෝ භාවනා කරති. චෛත්‍යය මලුව, මෙන් ම විහාර
මන්දිරය ද ඉතා නිහඬ ස්ථාන වේ. බොහෝ අය ඝෝෂාකාරී පරිසරයෙන් මිදී විහාරස්ථානයට ගොස්
සිත නිවා සනසා ගනී.
අද වන විට අපේ පරිසරය දූෂණය වන ආකාර කිහිපයක් ගැන අපි කතා කළෙමු. ඒ අතර ශබ්දය නිසා
ද පරිසරය දූෂණය වේ. ලෝකයේ ශබ්ද දූෂණය සිදුවන ආකාර කිහිපයකි.
කර්මාන්ත ශාලාවලින් නැඟෙන හඬ, විශාල යන්ත්‍ර සූත්‍රවලින් පිටවන ශබ්දය නිසා පරිසරයේ
තිබෙන නිහැඬියාව බිඳී යයි. එසේ ම රථවාහන නිසා ද ඒවායේ නලා හඬ නිසා ද විශාල ලෙස ශබ්ද
දූෂණය සිදු වේ.
පාසල් අසල, රෝහල් අසල, උසාවි අසල නලා ශබ්ද නොකරන ලෙසට දැන් වූ සංඥා පුවරු ඔබ දැක
ඇත. ඒ පාසලේ ඉගෙන ගන්නා දරුවන්ට, රෝගීන්ට, මෙන් ම උසාවියේ නඩු අසන විනිශ්චයකරුවන්ට
පවා ශබ්දය බාධාවක් වන හෙයිනි.
ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය වැනි නොදියුණු රටවල බොහෝ පිරිස් නූගත්කම
නිසා ශබ්ද දූෂණය කරති. දියුණු රටවල විනය ගරුකව මෝටර් රථ ධාවනය කරයි. නිකරුණේ නලා
ශබ්ද නොකරයි. එහෙත් අප රටවල තරගයට මෙන් වාහනවල නලාව නාද කරන අයුරු අපට දක්නට ලැබේ.
තවත් තරුණ දරුවෝ බස්රථවල ත්‍රීවීල් රථවල, යතුරුපැදිවල ඕනෑකමින් ම ශබ්දය වැඩිවෙන
මෙවලම් සවිකර හෝ ශබ්දය අඩුකරන මෙවලම් ඉවත්කර හෝ මහා ශබ්දයක් නගමින් මහා උජාරුවෙන්
පාරේ ගමන් කරනු දක්නට ලැබේ. ඔවුන් එය මහත් හපන්කමක් ලෙස සිතුව ද ඒ තුළින් සිදුවන්නේ
පරිසරයට ද සමාජයට ද හිරිහැරයක් බව නොදනිති.
සමහර ත්‍රීවිල් රථ, බස්රථ වැනි වාහන ඉතා අධික ලෙස ශබ්දය ඇසෙන ලෙස සිංදු හෝ වෙනත්
සංගීත මෙවලම් සවිකරගෙන එම රථවල ගමන් කරන අයටත්, පාරේ සිටින අයටත් හිරිහැර වෙන ලෙස
ගමන් කරයි. එම ඝෝෂාකාරී බව සමහර විට හිසරදයකි. එවැනි පීඩාකාරී ඝෝෂාවන් තුළින් ද
ශබ්ද දූෂණය ඇති කරයි. සමහර නිවෙස්වල විශේෂයෙන් තරුණ පුතාලා ගුවන්විදුලි යන්ත්‍ර හෝ
කැසට් යන්ත්‍ර තමාගේ නිවසට ඇසෙන සේ නොව අසල්වැසි නිවෙස්වලට ද බාධාවක් වන සේ
ක්‍රියාත්මක කරන අයුරු දක්නට ලැබේ. බොහෝ දියුණු රටවල එසේ නොකරයි. අල්ලපු නිවසටවත්
හඬක් ඇසෙන සේ රූපවාහිනිය හෝ ගුවන්විදුලිය ක්‍රියාත්මක නොකරයි.
සමහර විහාරස්ථාන, දේවස්ථාන වැනි ආගමික ස්ථානවල ද ඉතා අධික ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර
යොදා ඇති අයුරු අපට අසන්නට ලැබේ. සමහර විට එම පිරිත හෝ යාඤ්ඤාව අසන කෙනෙක් නැත. ඒවා
ද අප සීමා කිරීම වැදගත් වේ. විහාරස්ථානය හෝ පල්ලියේ කෝවිලේ ඇවිත් සිටින පිරිසට ඒ හඬ
ඇසීම හොඳට ම ප්‍රමාණවත් ය. අහල පහළ සිටින අයට වදයක් නොවිය යුතු ය.
සමහර සංගීත ප්‍රසංග පවා අදවන විට රාත්‍රී පහන්වන තුරු මුළු පළාතම දෙවනත් කරමින්
සිදු කරන අයුරු දැක ගත හැකි ය. ඒවා නිසා ද බොහෝ අය අපහසුතාවට පත් වේ. තරුණ පුතාලා
දුවලා ඒවා අසා සතුටු වුව ද බොහෝ දෙනකුට එය වදයකි. ශබ්ද දූෂණයකි.
අලුත් අවුරුදු කාලයට මෙන් ම, දේශපාලන රැස්වීම්වල, විශේෂ උත්සව අවස්ථාවල රතිඤ්ඤා
දැල්වීම සිදුකරයි. එමඟින් බොහෝ අහිංසක අසරණ සත්ත්වයෝ බොහෝ බියට පත්වෙති. සමහර දරුවෝ
ද බියට පත් වෙති. රතිඤ්ඤා, අහස්කූරු ආදිය දැල්වීම ද ශබ්ද දුෂණයේ ම කොටසක් බව කිව
යුතු ය.
මේ හැරුණුවිට යුද්ධ කටයුතුවල දී බෝම්බ පිපිරීම් ආදියෙන් ද ඉතා විශාල ලෙස ශබ්ද දූෂණය
සිදු වේ. ලෝකයේ බොහෝ ගුවන්යානා ගමන් කිරීමේ දී ද අධික ශබ්දයක් පරිසරයේ ඇති වේ.
ජපානයේ එක් ගුවන් තොටුපලක් රාත්‍රී දහයෙන් පසු ගුවන් ගමන් තහනම් බව ඇසුවොත් ඔබ
පුදුම වේවි. ඒ ගමේ මිනිසුන්ගේ ඉල්ලීම වී ඇත්තේ රාත්‍රී 10 න් පසු නිදහසේ නිදාගැනීමට
ගුවන්ගමන් නොයන ලෙසයි. ඒ අනුව අදත් එම ගුවන් තොටුපළේ රාත්‍රී ගුවන් ගමන් නැත.
මිනිසාගේ දියුණුව යනු වධ විඳීමින් සැප විඳීම නොව නිදහසේ සැප විඳීම යි. එය ද පරිසර
දූෂණයෙන් තොරව සිදුකිරීම අපගේ වගකීමකි. |