Print this Article


යහන්ගල පුරාණ රාජමහා විහාරයේ ධර්ම ශාලාවට මුල්ගල තැබේ

යහන්ගල පුරාණ රාජමහා විහාරයේ ධර්ම ශාලාවට මුල්ගල තැබේ

දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරකු වූ මහානාග කුමරු විසින් කරවන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය ග්‍රාමයේ පිහිටි ඓතිහාසික යහන්ගල පුරාණ රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන ධර්මශාලාව සඳහා මුල්ගල් තැබීමේ මහෝත්සවය පසුගිය දා පැවැත්වුණි.

යහන්ගල පුරාණ රාජමහා විහාරාධිපති ආචාර්ය වඩිනාගල පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් ධර්ම ශාලාවේ මුල්ගල් තබන ලද්දේ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසිනි. මෙම අවස්ථාවට ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුලු බුරුම දේශයේ භික්‍ෂුන් වහන්සේ පිරිසක් ද මෙරට පැවිදි ගිහි විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

මුල්ගල් තැබීමේ උත්සවයෙන් අනතුරුව සියක් නමක් උදෙසා දානමය පිංකමක් පැවත් වූ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහානායක ස්වාමින් වහන්සේත්, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ධර්මකිර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමින් වහන්සේත්, මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ඇතුලු ස්වාමීන් වහන්සේ සහභාගී වූහ.