Print this Article


හුණුපිටිය ශ්‍රී ධර්ම විජයාරාමය

හුණුපිටිය ශ්‍රී ධර්ම විජයාරාමය

වත්තල, හුණුපිටිය, නාහේනේ ශ්‍රී ධර්ම විජයාරාමාධිපති ගම්පහ දිසාවේ සියනෑ කෝරලයේ ප්‍රධාන සංඝනායක වේවැල්දූවේ ධම්මකිත්ති නාහිමිගේ සහ විහාරාධිකාරී ශාස්ත්‍රපති එඬේරමුල්ලේ ධම්මසිද්ධි හිමිගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වූ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ කොළ සිරිඋයන ප්‍රදේශයේ පදිංචි ශේන් විජේතුංග මහතාගේ සහ එච්.එම්. ප්‍රභා කාංචනා කුමාරි මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මෙම 08 වැනි දින සිදු කෙරිණි.

එදින රාත්‍රී 7.00ට විශේෂ ධර්ම දේශනාවක් ද, සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද, 09 වැනි දා උදෑසන සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සහකාර ලේඛකාධිකාරී, අමරපුර නිකායේ මාතර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී බැරගම විමලබුද්ධි නාහිමියන් ඇතුලු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මේ පින්කම සිදු කිරීමට නියමිතවිය.

චෛත්‍ය රාජයාණන් වහන්සේ කලා ශිල්පී සුනිල් රත්නායක මහතාගේ නිර්මාණ දායකත්වයෙන් ඉදිකරන ලදී.