Print this Article


බෞද්ධ නීති දර්ශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී

බෞද්ධ නීති දර්ශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී

කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් පැවැත්වීමට නියමිත බෞද්ධ නීති දර්ශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක මහෝත්සවය පසුගිය දා එනම් 2022 මාර්තු 19 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමාගේ සහ භූතානයේ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු (විශ්‍රාමික) සෝනාම් ටොබ්ගයි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු මහාචාර්ය ජි.එල්.පීරිස් මැතිතුමා ය. මෙම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමීන් වහන්සේ, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජගත් සුමතිපාල ගරු අගවිනිසුරුවරුන් මෙන්ම නීතීඥවරුන් සහ මෙම ආයතනයේ බෞද්ධ නීති දර්ශනය පිළිබඳ ප්‍රධානී ජනාධිපති නීතීඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමා හට සමරු තිළිණයක් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ලබා දෙන අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.