Print this Article


සිත අන්ධ කරන ධර්ම

සිත අන්ධ කරන ධර්ම

සත්ව සන්තානයේ කුසල ධර්මයන් ඇතිවන්නටත්, නිවන අරමුණු වන්නටත් ඉඩ නොදී, කුසල ධර්මයන් හා නිවන් මග අවුරමින් පවතින ධර්මයන් හයක් තිබේ. ඒවා නීවරණ ලෙස හඳුන්වනු ලැබේ.

නීවරණ යැයි කියන්නේ ධ්‍යාන සහ මාර්ග ඵල උපදවා ගන්නට බාධා කරන ධර්මතායි. උපචාර සමාධි හෝ අර්පණා සමාධි උපදවා ගන්නට නොහැකි ලෙසත්, සත්‍ය පැහැදිලි ලෙස දැක ගැනීමට නොහැකි ලෙසත්, නිවන් මඟ අවුරන, සිත අන්ධ කරන, ධර්මතා නීවරණ ධර්ම වේ.

කාමච්ඡන්ද - කාමයන්ට ඇති කැමැත්ත

ව්‍යාපාදය - තරහව

ථින මිද්ධ - චිත්ත චෛතසිකයන්ගේ

අලස බව හා ගිලන් බව

උද්ධච්ච කුක්කුච්ච - නොසන්සුන් බව හා

පසුතැවීම.

විචිකිච්ඡා - බුද්ධාදී අට තැන්හී සැකය

අවිද්‍යාව - පඤ්ඤාව නසාලන මෝහය

කාමච්ඡන්දය

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංච කාමයන් පිළිබඳව ඇතිවන බලවත් ලෝභය කාමච්ඡන්ද නීවරණය යි. මෙය ලෝභ චෛතසිකය යි.

යෝනිසෝමනසිකාරයෙන් හෙවත් නුවණින් සියලුම ධර්මයන්ගේ පවතින යථා ස්වභාවය නොදැකීම කාමච්ඡන්ද නීවරණය ඇතිවීමට හේතු වේ. සියලුම ධර්මයන් නිත්‍යයි, සුභයි, ආත්මයි වශයෙන් නොගෙන, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් අසුභ තත්ත්වයන් නුවණින් විමසා බැලීමෙන් කාමච්ඡන්දය දුරු වේ. කාමච්ඡන්ද නීවරණය ප්‍රහානය කිරීමට ධර්ම හයක් උපකාර වේ.

අසුබ අරමුණු ඉගෙන ගැනීම

නැවත නැවත අසුභ භාවනාවෙහි යෙදීම

ඇස කන නාසය යනාදී ඉන්ද්‍රියයන් ගේ

දොරවල් වසා තැබීම

පමණ දැන ආහාර අනුභව කිරීම

කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම හා

යහපත් කාලෝචිත කතා ඇති බව ය.

කාමච්ඡන්දය දුරු නොකර ධ්‍යාන මාර්ගඵල කිසිසේත්ම උපදවා ගැනීමට නොහැකි ය. කාමච්ඡන්දය ක්‍රම ක්‍රමයෙන් දුරු වන්නේ ඒකාග්‍රතාවය කියන සමාධි ශක්තිය වැඩීමෙනි.

කාමාවචර කුසල් සිත් බලයෙන් (අසුභයෙහි මෙනෙහි කිරීමෙන්) තදංග වශයෙන් ද, ධ්‍යාන බලයෙන් විෂ්කම්භන වශයෙන් ද, මාර්ගඵල බලයෙන් සමුච්ඡේද වශයෙන් ද, කාමච්ඡන්ද නීවරණය ප්‍රහානය වේ. සහමුලින්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වන්නේ අනාගාමී මාර්ග නුවණිනි.

මෙම ලිපියේ ඉතිරි කොටස බක් පුර අටවක පෝදා පත්‍රයේ (09) පළවේ.