Print this Article


මහරගම තරුණ බෞද්ධ සංගමයේ වාර්ෂික සංවත්සරය

මහරගම තරුණ බෞද්ධ සංගමයේ වාර්ෂික සංවත්සරය

මහරගම තරුණ බෞද්ධ සංගමයේ වාර්ෂික සංවත්සර මහ සභාව, සංගමයේ මූලස්ථාන ගොඩනැඟිල්ලේ පිහිටි විපුලි ජයසූරිය ශ්‍රවණාගාරයේ දී, පසුගියදා පැවැත්විණ.

ආගමික සේවා, පූජාසත්කාර සේවා, අධ්‍යාපනික සේවා ආදී සේවාවන් රාශියක් ඉටු කරගෙන යන මෙම සංගමය මගින් පිළිකා රෝගීන් සඳහා සුවිශේෂී සත්කාරක සේවාවක් ද පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම ලේ දන්දීමේ වැඩසටහන්, අධ්‍යාපන සම්මන්ත්‍රණ. දිළඳු පාසල් සිසුන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම, අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව නඩත්තු කිරීම ආදි සේවාවන් ද මෙහිලා ප්‍රමුඛත්වයෙහිලා ගැනේ.

සංගමයේ පැරණිතම සාමාජිකයකු මෙන්ම, වසර 5 කට අධික කාලයක් සභාපති ධුරය හෙබවූ තිලක් හේරත් මහතා විසින් රචනා කරන ලද , 1993 -2020 කාලය තුළ සංගම් පුරාණය ඇතුළත් “සමෝධාන” නැමැති ග්‍රන්ථය ද මෙදින එළිදක්වන ලදී.

සංගමයේ ආගමික හා කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අතුරු කාරක සභාවේ ප්‍රකාශනයක් වූ ‘යහමඟට බොදු කත’ නැමැති ග්‍රන්ථය ද මෙදින නිකුත් විය.