Print this Article


අවිදු අඳුර

අවිදු අඳුර

උගත් දම් සතර නොපිරුම කිලිටිමය
කම්මැලිකම ද කිලිටකි සිරුරේ හැඩට
රකින්නාම ඒ දෙය නොසලකා ගියොත්
එයත් ඔහුට කිලුටකි කෙලෙසුන් වැඩෙන

දුසිරිත කිලිටක්ය ඉතිරිය හට බැඳෙන
දන් දෙන්නාට කිලුටකි තම මසුරුකම
හැම කිලුටට වඩා කිලුටකි “අවිදු බව“
දුරුකොට අවිදු බව “නිවනට” යනු මැනවි

(ධම්මපදයේ මල වග්ගය ඇසුරිනි)