Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බේරුවල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාදාගොඩ මහ විදුහලේ විදුහල්පති නිලුක්ෂි සිල්වා මහත්මිය විසින් පසුගිය මැදින් පුර පසළොස්වක පොහෝ දිනයට පෙර එම විදුහලේ “පෙර පෝදා වැඩසටහනක් පවත්වන ලදී. විද්‍යාලයීය බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක,කන්දේවිහාරවාසී රාජකීය පණ්ඩිත, ධර්මාචාර්ය, මුණසිංහගොඩ කස්සප හිමියන් විසින් මෙහිදී විදුහලේ දරු දැරියන් පඤ්ච ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ,ධර්ම දේශනා,බෝධි පූජා ,මල් පෙරහර ආදී විවිධ පින්කම් සිදු කළ අතර, සෑම පොහොයකට ම පෙර මෙම පාසලේ පැවැත්වෙන “පෙර පෝදා වැඩ සටහන “ප්‍රදේශවාසීන්ගේ හා මව්පියන්ගේ ද ප්‍රසාදයට ලක්වී ඇත. වාර්තාව හා ඡායාරූප කළුතර මධ්‍යම
විශේෂ එච්.එල්.සුනිල් ශාන්ත