Print this Article


අරුමය මේ දම සනසයි සැම සිත

අරුමය මේ දම සනසයි සැම සිත

වලාකුළින් තොර - අහස් ගැබක් තුළ
දහම් සිසිල මුසු - රශ්මි කඳක තෙද
පතුරා වැජඹෙයි - පෝදා පුන් සඳ
මතකෙට නැඟ එයි - බුදුන් දෙසූ දම

නිර්මල සත්‍ය වූ - උතුම් දහම් පද
අසම සමයි තුන්ලොව - අන් දෙයකට
අරුමයි මේ දම - සනසයි සැම සිත
පුදුමයි මේ මට - මිනිසුන් ගැන ලොව

බැලු බැලු සැම තැන - අකුසල් සිදුවන
සසර ගමන තව - තව දිගු කරගෙන
කුමන සැපක් ලදදෝ - මනු සතුනේ
නොදන්නේ ද ලොව - පවතින සත්‍යයය