Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දෙවලපොල, කමරාගොඩ අංක 249 බී හි පදිංචි චතුරි විරාජිනි වීරසිංහ (25) නමැති අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නසාර් මහතා නිර්දේශ කළ බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0714109468 0722210148 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

****

හෝකන්දර 32/3 එෆ්/2 නිවසෙහි පදිංචි පාසල් වයසේ දරුවන් සිටින බෝගහවත්තගේ ජයසිරි යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නසාර් මහතා වකුගඩු බද්ධ කළයුතු බව දන්වා ඇති බව ද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බව ද කියයි. ස්ථිර රැකියාවක් කර ගැනීමට නොහැකි ඔහුට ඔබගේ ආධාරය ඉල්ලා සිටියි. වැඩිදුර විස්තර 075 528 2962 දුරකතනයෙන් විමසිය හැකි අතර ආධාර මුදල් මහරගම ශාඛාව මහජන බැංකුව ගිණුම් අංක 306 - 200 29 68 64 546 ගිණුමට බැරකළ හැකි බව ද කියයි.