Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය

පෙරවරු 06.00 - 06.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව හීනැටිගල ඉන්ද්‍රවංශ හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් මාලඹේ අශෝකාරාම විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 - 3.00 වෛද්‍ය දේශනය, 3.00 - 4.00 පස්වරු ධර්ම දේශනාව මාදෝවිට වජිරබුද්ධි හිමි, 4.00 - 5.00 පස්වරු ධර්ම දේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 5.00 - 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි 08.00-09.00 භාවනාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි 09.00-10.00 ධර්ම දේශනාව - ආචාර්ය පූජ්‍ය වල්ගම සුමන හිමි 10.00-11.00 සූත්‍ර දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පානදුර පසන්න හිමි 11.00-11.15 බුද්ධ පූජාව - බුත්තල ධම්ම විජය හිමි, තුඩුවාවගේ සෝභිත හිමි පස්වරු 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ- තලහගම බුද්ධසිරි හිමි, සෙල්ලකතරගම සන්තිද හිමි 01.00-02.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි. 02.00-03.00 ධර්ම දේශනාව - බණ්ඩාරගම වල්ගම ශ්‍රී විශුද්ධාරාමාධිපති සූරියවැවේ අමිත හිමි 03.00-03.45 ධර්ම දේශනාව- ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි. 04.00-05.00 ධර්ම දේශනාව- ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි. 05.00-06.00 ධම්ම පදය- මීගොඩ මධුභානී හිමි. 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි

****

හම්බන්තොට සිංහගිරි විහාරය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විතාරන්දෙණියේ වජිර හිමි, 8.00 ධර්ම දේශනාව බඳගිරියේ සීලවිමල හිමි, 9.00 භාවනාව මාමඩලේ මුදිත හිමි, 10.00 බුදුගුණ කවි හීන්බුන්නේ නාගිත හිමි, දහවල් 11.00 බුද්ධ පූජාව හම්බන්තොට සමාධි හිමි, පස්වරු 1.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ඩබ්ලිව්.ඒ. විජේදාස මයා, 3.00 ගිහි දේශනය විජිත කෝංගලආරච්චි මයා, සවස 5.00 කවි බණ ඕපනායක සුජාත හිමි, සවස 6.00 බෝධි පූජාව නුගේකන්දේ මංගල හිමි, රාත්‍රී 7.00 තුන් සූත්‍ර දේශනාව විතාරන්දෙණියේ වජිර හිමි.