Print this Article


උපසම්පදා විනය කර්මයට අයදුම්පත් කැඳවයි

උපසම්පදා විනය කර්මයට අයදුම්පත් කැඳවයි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2022 ජුනි 07, 08, 09, 10 යන දිනවල දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහා මහෝපාධ්‍යාය අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා “සුධර්මා” කාරක සංඝ සභික නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරස්ථ ‘ශ්‍රී ධීරානන්ද මහාමංගල’ සීමාවේ දී පැවැත් වේ. ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති සාමණේරයන් වහන්සේලා සිය ආචාර්යයන් වහන්සේ මගින් 2022.04.20 දිනට ප්‍රථම අයදුම්පත් මහා ලේඛකාධිකාරී නාහිමි, මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයට එවිය යුතු ය. අයදුම්පත් ද එම ලිපිනයෙන් හෝ පළාත් නායක ස්වාමීන් වහන්සේලාගෙන් ලබා ගත හැකි ය. 2021 වර්ෂයේ අයදුම්පත් එවා තිබෙන අපේක්‍ෂකයන් වහන්සේලා නැවත අයදුම්පත් එවීම අවශ්‍ය නොවේ.