Print this Article


මල්වතු මහාවිහාරයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සාර්ථකව නිමාවට පත්කරයි

මල්වතු මහාවිහාරයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සාර්ථකව නිමාවට පත්කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය 2020 සහ 2021 වසරවල සිදු කිරීමට නොහැකි වූ මල්වතු මහා විහාරයේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කොට දෙමසකට ආසන්න කාලයක් උපසම්පදා අපේක්ෂක සාමණේර හිමිවරුන් 309 නමකගේ උපසම්පදා විනය කර්මය සිදු කොට මේ මස 03 වැනි දින සාර්ථක ව නිමාවට පත්විය.

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ ද උපාධ්‍යාය කර්මවාගාචාර්ය හිමිවරුන් ඇතුළු මල්වතු මහා විහාරයේ සියලු නේවාසික හිමිවරුන්ගේ අප්‍රමාණ කැපවීමෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව උපසම්පදා පින්කම් සිදු කරන ලදී. මෙවර උපසම්පදා වාරයේ දී මැටරඹ හේමරතන නාහිමි, වැලිවිටියේ සුමන නාහිමි, හාල්දඬුවන සුගතසෝම හිමි, ගණේගොඩ රතනජෝති නාහිමි ඇතුළු සම්භාවනීය නාහිමිපාණන් වහන්සේලා රැසකට මල්වතු විහාරයේ උපාධ්‍යාය පදවිය පිළිබඳ ථෙර සම්මුති පිරිනමන ලදී.