Print this Article


උප ප්‍රධාන සංඝනායක පදවි ලබති

උප ප්‍රධාන සංඝනායක පදවි ලබති

මහනුවර ශ්‍රී උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අති පූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක වින්සත් වර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මානන්දාභිධාන යන ගෞරව නාම සම්මුතිය සහිතව කළුතර දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය වාද්දුව මැස්ටිය ශ්‍රී සුනේත්‍රාරාමාධිපති බඩල්කුඹුරේ සෝමානන්ද හිමියන් වෙත පිරිනමන්නට තීරණය කොට ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම මේ මස 31 වැනි දින සවස 3.00 ට මහනුවර මල්වතු මහා විහාරයේ දී පැවැත්වේ.