Print this Article


චිරං ජයතු නාහිමි විමල නැණ

චිරං ජයතු නාහිමි විමල නැණ

සම්බුදු සසුන වෙනුවෙන් දිවිය කැප කොට
හිමි ශාසනයට වැස්සක් වෙමිනි කතරට
නිම් නැති සේවයක් රට දැයට සිදුකොට
සව් පූජිත සමිඳ නව පදවි හිමිකොට

ලක්දිව වයඹ හත්පත්තුවෙහි දඹදෙණි
ලක්දිව දෙවැනි නායක පදවි සමිඳුනි
මෙත් සුව විමල නැණ ගුණ හැඳින ඇසුරෙනි
සෙත් සුව පතමු සිත් තුළ පිරුණු බැතියෙනි

නදියක් සේ ගලා යන සා පවස නිවා
දිවියක් ගෙවන සමිඳුනි සිත් සුවය දෙවා
සුවඳක් සේ උතුම් වූ සිල් සුවඳ මවා
දවසක් නෑර වැජඹෙනු මැන දිවිය ගෙවා

පන්සල් දහම් පාසල් ඉදිකර දැයට
පෙන් වන සුමග පිය ඔසවන ඉදිරියට
පින්සර නා සමිඳ පත් නව පදවියට
රන් සලකුණකි ඔබ හැම උදයට රැයට

තුරන් කර අඳුර සඳ ලෙස එළිය දෙන
සුරන් ගෙන් පවා කියැවී හිමිගෙ ගුණ
කරන්නට තවත් සේවය දිරිය ගෙන
චිරං ජයතු නව නාහිමි “විමල නැණ”