Print this Article


පිරිවෙන්වලට ආධාර

පිරිවෙන්වලට ආධාර

මැලේසියානු මහා කරුණා බෞද්ධ සංවිධානය මඟින් මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බූටෑවත්තේ සරණංකර නාහිමියන්ගේ මඟපෙන්වීම මත බිබිල අධ්‍යාපන කලාපයේ පවත්වාගෙන යන පිරිවෙන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ මූල්‍යාධාර පිරිනැමීම පසුගියදා සිදුකෙරුණි.

මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් තැරෑල ශ්‍රී විජයවර්ධන මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමි, අමෙරිකාවේ වෙසෙන ධම්මාලෝක හිමි , මුගුනුවෙල අනුරුද්ධ හිමි යන හිමිවරුන් විසින් බිබිල කොකුන්නෑව සංඝ කීර්ති පිරිවෙනට වියළි ආහාර ද්‍රව්‍ය සහ මූල්‍ය ආධාර පිරිනමන ලදී.