Print this Article


වාද්දුව,දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පින්කම් රැසක්

වාද්දුව,දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පින්කම් රැසක්

වාද්දුව දෙල්දුව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ දී, සෙත් ශාන්තිය පතමින් ආශිර්වාදාත්මක මහා අබතෙල් පහන් ආලෝක පූජාවක් මාර්තු 06වෙනි ඉරිදා ප.ව.5.00ට ආරම්භ වන බව එහි විහාරාධිකාරී කිතලගම නන්දසාර හිමි පැවසූහ.

මෙම පින්කම මෙහෙයවීම,කාව්‍ය විශාරද ශාස්ත්‍රපති , දීගල පියදස්සී හිමියන් වහන්සේ විසිනි.

අබතෙල් යෙදූ පහනක්,පීරිසියක් සහ සුදු මල් ටිකක් ද රැගෙන මඳක් කල් වේලා ඇතිව විහාරස්ථානයට පැමිණෙන ලෙස ද මාර්තු 25 වෙනි දින පෙ.ව.10.30ට එම විහාරස්ථානයේ නේවාසිකව වැඩ වෙසෙන සාමණේර හිමිවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකිරීමට නියමිත නව සංඝාවාස ⁣තෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීමේ තවත් පින්කමක් පැවැත්වෙන බව ද කිතලගම නන්දසාර හිමි දන්වා සිටී.