Print this Article


හිටපු බුදුසරණ කර්තෘ දයා සිරිවර්ධන මහතාගේ ගුණානුස්මරණ පින්කම 26 වැනිදා

හිටපු බුදුසරණ කර්තෘ දයා සිරිවර්ධන මහතාගේ ගුණානුස්මරණ පින්කම 26 වැනිදා

බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයකු මෙන්ම එහි හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ දයාසිරිවර්ධන මහතාගේ එකොළොස්වෙනි ගුණානුස්මරණය මෙම මස 26 වැනිදාට යෙදී තිබේ. පත්‍රකලාවේදියකු වූ පියසේන නිශ්ශංක ශූරින් සමඟ බුදුසරණ පුවත්පත ආරම්භ කිරීමට මූලික වූ දයාසිරිවර්ධන මහතා සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා විෂයයෙහි උගතකු විය.

බුදුසරණ පුවත්පතේ එතුමන්ගේ කර්තෘධූර කාලය තුළ මෙරට ජනප්‍රිය ගිහි පැවිදි බෞද්ධ ලේඛකයන්ගේ සාර්ගර්භ ලිපි ඇතුළත්ව මෙරට අග්‍රගණ්‍ය පඬිවරු රැසක් සමඟ බුදුසරණ පුවත්පත ඔස්සේ දයාසිරිවර්ධනයන් කළ ශාසනික සේවාව අදත් සදාඅනුස්මරණීයව සිහිපත් කරති.

දයාසිරිවර්ධන මහතාගේ 11වැනි ගුණානුස්මරණය නිමිතිකොට මෙම මස 26 වැනිදා සවස යටගම ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ මහා බෝධිපූජාමය පින්කමක් සීනාදි සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක යටගම ශ්‍රී නාගවනාරාමාධිපති යටගම ධර්මකීර්ති ශ්‍රී ඉන්දවිමල උදයධම්මාභිධාන නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.