Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අපවත් වී වදාළ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් නුවර ජේතවන විහාරාධිපති අති පූජනීය මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පසුගිය දා පවත්වන්නට යෙදුණි. එම පින්කම කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ශාස්ත්‍රපති, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විතාරන්දෙණියේ මේධානන්ද හිමියෝ මෙම පින්කමේ සංවිධාන කටයුතු සිදු කළහ. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ මෙම පින්කමෙහි මුලසුන හොබවමින් අනුශාසනා සිදු කළහ. ඒ වගේ ම මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන් ඇසුරු කළ කීර්තිමත් යතිවරයන් වහන්සේලා ඇතුළු අර්ධ ශතාධික මහා සංඝරත්නය දානමය පින්කමට වැඩම කරන්නට යෙදුණි. මෙහිදී ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිපාණන් වහන්සේ ද අනුශාසනාවක් සිදු කළහ.