Print this Article


බුදුදහම සහ බොදු උරුමය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

බුදුදහම සහ බොදු උරුමය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

බුදුදහම සහ බොදු උරුමය පිළිබඳ අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් පවත්වන ලද අතර එහි ජයග්‍රාහකයන්ට තිළිණ පිරිනැමීමේ උත්සවය පසුගියදා කොළඹ දී පැවැත්වුණේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙනි. එහිදී ජයග්‍රහණය කළ භික්ෂූන් වහන්සේ නමක් තමන්ට හිමි තිළිණයන් ලබා ගත් අයුරු සේයාරුවේ දැක්වේ.

තරගකරුවන් 6000ක් පමණ ඉදිරිපත් වූ මේ තරගයෙන් ජයග්‍රහණය කළ අයට දින 5ක ඉන්දියාවේ බෞද්ධ අධ්‍යයන චාරිකාවක් හිමිවන අතර තවත් එක් අයකු සංචාරයට එක් කර ගැනීමට අවස්ථාව හිමි වේ.