Print this Article


මහා සුවඳ දුම් පූජාවක

මහා සුවඳ දුම් පූජාවක්

ඓතිහාසික කැලණිය රාජමහා විහාරයේ සිට අඩි 50 ක් උස හඳුන්කූරක්, සුවඳ දුම් සහ සියලු පූජා භාණ්ඩ රන්සිවි ගෙයි තැන්පත් කර නල්ලතන්ණියේ සිට ශ්‍රී පාදස්ථාන මළුව දක්වා පෙරහරකින් වැඩමවීමට පින්කමක් සංවිධානය කර ඇත. එය මාර්තු මස 01,02 දෙදින පැවැත්වේ.

මාර්තු 02 දින උදෑසන බුදුරජාණන් වහන්සේගේ අසූහාර දහසක් වූ ධර්මස්කන්ධය උදෙසා අඩි 50ක් උස එම හඳුන්කූරු දල්වා සුවඳ දුම්, මල්, කංචුක, ඖෂධ ගිලන්පස ආදී පූජාවෝ පැවැත්වීමට නියමිත ය.

එම පූජාව දිග්ගලගෙදර භික්ෂු විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක දුම්මලදෙණියේ සිරිධම්ම හිමියන් විසින් පවත්වනු ලබන අතර දෙමටපිටියේ රතනසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර ඇත. මෙම පින්කම හතරවැනි වරට සංවිධානය කර ඇති බව දන්වා ඇත.