Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

උතුරු අමිතිරිගල ශ්‍රී ධර්මාලෝක පිරිවෙන් පුරාණ විහාරස්ථානය උඩකණුගල ශ්‍රී නන්දාරාම විහාරස්ථානය සහ උභය විහාරාධිපති කෝරළතුන සහ පහත බුලත්ගම දෙපළාතේ ද්විතීය සංඝනායක රුවන්වැල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති බෙත්මේගෙදර නන්දාරාම නා හිමියන්ගේ පි‍්‍රය ශිෂ්‍ය අමිතිරිගල සිරිදේවමිත්ත පොඩි හාමුදුරුවෝ පසුගිය මස 18 වැනිදා ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවූහ.

****

රත්මලාන බොරුපන, ලක්සිරිපුර සිරි විවේකාරාමාධිපති, විශ්‍රාමලත් පරිවේණාධිපති, සල්පිටි කෝරළයේ පල්ලේපත්තුවේ ප්‍රධාන සංඝනායක, පෝරතොට පේමරතන නාහිමියන්ගේ සහ අකුරැස්ස මාරඹ රාජමහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ බෙංගමුවේ චන්දාලෝක හිමියන්ගේ ශිෂ්‍ය කැලණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන පෝරතොට තිලකරතන පොඩි හාමුදුරුවන් වහන්සේ ජනවාරි 29 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. අභිනව උපසම්පදාලාභී හිමියන් පිළිගැනීමේ උත්සවය සහ මංගල ධර්ම දේශනාව නවම් පොහෝ දින සවස ලක්සිරිපුර විවේකාරාමයේ දී පැවැත්වේ.

****

ඒ.ජී.දයානන්ද සහ කේ.එච්.බී. සිරියාවතී යන අයගේ පුත්‍ර වූ වැවගම ශ්‍රී සද්ධර්මාරාම –නාගස්වැව ශ්‍රී සාම විහාරය යන විහාරයන්හි උභය විහාරාධිපති ශ්‍රී සද්ධර්මාරාම මහා පිරිවෙන් පරිවේණාධිපති නැඟෙනහිර පළාත් ගුරු උපදේශක, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, සද්ධර්ම විශාරද, ශාස්ත්‍රපති වැවගම සද්ධාමංගල හිමියන්ගේ ශිෂ්‍ය දැනට උසස් අධ්‍යාපනය හදරන උණුවතුර බුබුලේ සිරිධම්ම පොඩි හාමුදුරුවෝ මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විශාරද මකුලෑවේ විමලාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කල්‍යාණ නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී පසුගිය මස 16 වැනි දා අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවූහ.

****

ඒ.ජී. ජයන්ත බණ්ඩාර සහ වයි.එම්. ඉරේෂා දිල්රුක්ෂි යන අයගේ පුත්‍ර වූ ගල්එළිය සද්ධර්මාලෝක විහාරාධිපති නාගස්වැව ශ්‍රී සද්ධර්මාරාම පරිවේණාධ්‍යක්ෂතැන්නලන්දේ උපාලි හිමියන් හා වැවගම ශ්‍රී සද්ධර්මාරාමය - නාගස්වැව ශ්‍රී සාම විහාරය යන විහාරයන්හි උභය විහාරාධිපති ශ්‍රී සද්ධර්මාරාම මහා පිරිවෙන් පරිවේනාධිපති නැඟෙනහිර පළාත් උපදේශක, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සද්ධර්ම විශාරද ශාස්ත්‍රපති වැවගම සද්ධාමංගල හිමි වන අපගේ ශිෂ්‍ය දැනට නාගස්වැව ශ්‍රී සද්ධර්මාරාම මහ පිරිවෙන්හි උසස් අධ්‍යාපනය හදාරන ඇල්ලේවැව ධම්මසිරි පොඩි හාමුදුරුවෝ මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විශාරද මකුලෑවේ විමලාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කල්‍යාණනදී උදකුක්ඛේප සීමාමාලකයේ දී පසුගිය මස 16 වැනි දා අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවූහ.