Print this Article


හිටපු බුදුසරණ කර්තෘ ගෞරව නාමයෙන් පිදුම් ලබය

හිටපු බුදුසරණ කර්තෘ ගෞරව නාමයෙන් පිදුම් ලබයි

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (29) බත්තරමුල්ල තලංගම අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහිදී සම්භාවනීය යතිවරුන් සහ ගිහි භවතුන් කිහිප දෙනකු සඳහා ගෞරව නාම පිරිනැමුණු අතර, බෞද්ධ පුවත්පත් කලාවෙහි විසිපස් වසරක පමණ සේවාවෙන් පසු දැනට බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි සේවය කරන බුදුසරණ පුවත්පතේ හිටපු කර්තෘ බෞද්ධ පත්‍රකලා විශාරද සීසර් සුදුසිංහ මහතා ද ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේ ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාව මඟින් ඒ මහතාට “ශාසන කීර්ති දේශාභිමානි" ගෞරව නාමය පිරිනැමූ අතර, මකුලෑවේ ශ්‍රී විමල මහා නා හිමියන් වෙතින් ගෞරව නාමය ලබා ගත්තේ ය.