Print this Article


නවම් පොහොය වර්ණනාව

නවම් පොහොය වර්ණනාව

නවම් පොහොය පිළිබඳ දැනගන්න
පොහොය වරුණ සමඟින් එක්වන්න
සිත පහදාගෙන දෙසවන් දෙන්න
සිතට දැනෙන ලෙස සාධු කියන්න

මුළු බුදු සසුනම ඔද තෙද ය
කෝලිත උපතිස්ස ද හරි හොඳ ය
සැරියුත් මුගලන් ලෙස දී ධජය
අගසව් තනතුරු දුන් දින අදය

සසුනට වස් විස්සක් ගත වූවා
ඔවාද පාතිමොක්ෂය හිමි දෙසුවා
සදහම රැකුමට මුල් විය ඒවා
බුදු දම චිරාත් කල් ලක සුරැකේවා

සතර ඉද්ධිපාද වැඩුවන්හට
කල්ප ගණන් වුව හැකි වෙයි ඉන්නට
අනඳ හිමිට බැහැ තේරුම් ගන්නට
සිදුවිය බුදු සමිඳුට සමු ගන්නට

බුදුහිමි ආයුෂ අතහැර දාලා
අනඳ හිමිට පැවසුව කැඳවාලා
ඒ පිළිබඳ හරි හැටි වැටහීලා
අනඳ හිමිට බැහැ ඉනු ඉවසාලා

මේ ලෙස නවම් පොහොය වැදගත් වේ
සිරි සදහම් ඇහුවම මන මත් වේ
තුන් රුවනින් සැනසීම ම අත්වේ
මතු අප සැම අම නිවනට පත්වේ