Print this Article


මගෙ පියතුමා මා සැනසූ සිහිලැල්ලයි

මගෙ පියතුමා මා සැනසූ සිහිලැල්ලයි

හදමල් ගොමුවෙ සුවඳැති මල් පූදිනවා
ඔබෙ ගුණ සුවඳ ඉන් මොනවට විහිදෙනවා
හැඩි දැඩි රුවයි මුවකමලයි සිහිවෙනවා
බැති කුසුමන් පුදා පායුග නමදිනවා

ගත සවි මහන්සිය අප දිවි නංවන්ට
හිරු සඳු විලස මට ආලෝකය දෙන්ට
වෙහෙසුණ තාත්තේ මගෙ දිවි සරසන්ට
අමා නිවන්සුව පතනෙමි ලැබගන්ට

තුන් ලෝ පියාගේ පාඩම් උගනින්ට
හැකි වේ ඔබට ඉන් සසරින් ගැලවෙන්ට
ඉපිද මැරෙන ලෙඩවෙන ලෝකෙට එන්ට
ඇති මඟ මරා ඔබ නිවනින් සැනසෙන්ට

පින්බර තාත්තේ මගෙ දිවි සරුකෙරුව
ඔබ ම ය මිණිපහන නිවසම එළිකෙරුව
සුන්දර දිවිය මතකයි අප හා ගෙව්ව
වේවා නිවන් සුව ඔබහට මරු නැසුව