Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

උඩරට අමරපුර සාමග්‍රී සංඝසභාවේ වැඩබලන මහා ලේඛකාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරස්ථානයේ විහාරාධිපති හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය 94 කණ්ඩායමේ අනුශාසක කම්මට්ඨානාචාර්ය මහමෙව්නාවේ මංගල ස්වාමීන් වහන්සේ පසුගියදා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යය සඳහා ධාතූන්වහන්සේලා සිව්නමක් පූජා කළහ. එම පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිළුමිණි විහාරස්ථානයේ දී පැවැති අතර එහිදී මහානායක හිමියන් හා විහාරාධිපති හිමියන් අතින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පිකද සිල්වා, ආදි ශිෂ්‍ය 94 කණ්ඩායමේ සභාපති ජානක නන්දසිරි මහත්වරුන්ට ධාතූන්වහන්සේලා සහිත රන් ආලේපිත රිදී කරඬුව විද්‍යාලය වෙත වැඩමකිරීම සඳහා පිළිගැන්වූ අයුරු.