Print this Article


ආශිර්වාද පින්කමක්

ආශිර්වාද පින්කමක්

දෙණියාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේ විහාරාධිපති, මොරවක් කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පියරතන , පාතවිට පඤ්ඤානන්දාභිධාන නාහිමියන්ගේ 77 වන ජන්ම දිනය නිමිත්‍තෙන් මේ මස 24 දින සර්වරාත්‍රික ධර්ම දේශනාව ප්‍රධාන සිව් දෙසින් වැඩම කරන මහ සඟරුවන උදෙසා, මේ මස 25 දින සඟ සතු දානමය පින්කම, අබ තෙල් පහන් පූජාව, පැණනඳ අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වුණි.

මෙම පුණ්‍ය කටයුත්‍ත සඳහා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති , ඌරුබොක්කේ උපනන්ද හිමි ඇතුළු විහාරයේ සඟරුවන විහාර දායක සභාව ද මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.