Print this Article


කොත් පැළඳවීමේ පින්කමක්

කොත් පැළඳවීමේ පින්කමක්

මාතර ඇහැළකන්ද ශ්‍රී ජිනරතන මේධාලංකාරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද සෑ රදුන්ගේ කොත් පැළඳවීමේ පින්කම පසුගිය 14 වැනි දින සිදු කෙරිණ.

13 වන දින ගොමිල ශ්‍රී නාගබෝධි විහාරස්ථානයේ සිට කොත්වහන්සේ සහ චෛත්‍ය ගර්භයේ තැන්පත් කරන ධාතූන් වහන්සේලා රන්සිවි ගෙයක තැන්පත්කර පෙරහරකින් ශ්‍රී මේධාලංකාරාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලදී. රාත්‍රියෙහි පරිත්‍රාණ ධර්‍ම දේශනාවක් පවත්වා , පසුදින චෛත්‍ය ගර්භයෙහි නිදන් තැන්පත් කිරීම සිදු කළේය. එදිනම කොත් වහන්සේ ස්ථාපනය විය. අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත විහාර මන්දිරයට සහ ගණ්ඨාර කුළුණට මුල්ගල් තැබීම ද සිදු විය.

මොරටුව කටුබැද්ද පදිංචි නිශාන්ත අතුකෝරළ යුවල ගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍ය ඉදිකර තිබේ. මල් ආසනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ දායකත්වය මත ඉදිකර ඇත. මොරවක්කෝරළයේ ප්‍රධාන සංඝනායක ගොමිල ශ්‍රී නාගබෝධි විහාරය, ඇහැළකන්ද ශ්‍රී මේධාලංකාරාරාමය උභය විහාරාධිපති තලපත්කන්දේ ආනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම පින්කම පැවැත්විණ.