Print this Article


මහාසද්ධම්මජෝතික ධජ ගෞරව නාමයෙන් පුද ලබති

මහාසද්ධම්මජෝතික ධජ ගෞරව නාමයෙන් පුද ලබති

මියන්මාර් (බුරුම) රජයෙන් 2021 වසරෙහි මහාසද්ධම්මජෝතිකධජ ගෞරව නාමයෙන් පිදුම් ලද සියම් මහ නිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නව කෝරළය සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක තුම්බෝවිල ධම්මරතන නාහිමිපාණන් වහන්සේ වෙත එම ගෞරව නාමයට අදාළ සන්නස්පත්‍රය සහ ගරුභාණ්ඩ ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති ඌ තාන් තු (U Than THu) මැතිතුමා විසින් පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ දී පසුගිය 27 වැනි දින පිරිනමන ලදී. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමි ඇතුළු මහා සංඝ රත්නය සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රමුඛ සම්භාවනීය පිරිස් මෙම අවස්ථාවට සහභාගී වූහ.

- දිමුතු පුන්සර කොළඹගේ