Print this Article


මාපලගම බුද්ධසිරි නාහිමි අඩ සියවසක පැවිදි දිවිමඟ සැමරුම

මාපලගම බුද්ධසිරි නාහිමි අඩ සියවසක පැවිදි දිවිමඟ සැමරුම

මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරාධිපති, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි , සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, සරභඤ්ඤ විසාරද මාපලගම බුද්ධසිරි නාහිමිපාණන්

වහන්සේගේ අඩසියවසක පැවිදි දිවිමගට උපහාර පිණිස විචිත්‍ර ධර්මකථික බොරැල්ලේ කෝවිද හිමියන් සංස්කරණය කළ මිත්තානිසංස සමරු ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි, මකුලෑවේ විමල මහ නාහිමි, තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි, නියංගොඩ විජිතසිරි අනුනාහිමි, කොටපිටියේ රාහුල අනුනාහිමි, මැටරඹ හේමරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය පිරිස් ද සහභාගි වූහ.