Print this Article


දුරුතු පොහොය වර්ණනාව

 දුරුතු පොහොය වර්ණනාව

එළැඹෙන නව වසර පිළිබඳව සිත් මල් යායයි
එහි ඇති සිරි බලා ගන්න අද පුර හඳ පායයි
මේ පින්බර සිරිලක යනු සදහම් මිගදායයි
අවුරුද්දේ පළමු පෝය දිනය දුරුතු පෝයයි

තෙරුවන් සරණයි දූ දරු වැඩිහිටි හැම දෙනට
නැවත වරක් ගරු බුහුමන් කරනෙමි තෙරුවනට
මිනිසත් බව අප ලැබුවේ සසරෙහි කළ පිනට
දුරුතු පෝය පිළිබඳ තොරතුරු ගමු දෙසවනට

බුදුහිමි ලක්දිවට වැඩිය පළමු දිනය අදයි
යක්ෂ ගෝත්‍රිකයන් දමනය කළ එක හොඳයි
සුමන සමන් දෙවියොත් බණ අහපු දිනය එදයි
මහියංගන බිම වටින්නෙ මේ තොරතුරු මැදයි

සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමෙන් එදා
බුදුහිමිගේ කේශ ධාතු දුන්නලු සෙත සදා
තුන්බෑ ජටිලයන්ට දම් රසය දුනිය බෙදා
මේවා වූ අද දින පින් කර ගමු මල් පුදා

සකසා දෙන අරණක් පිළිගැනුම වැරැදි නැත කියා
බුදුහිමි සඟරුවන ඇමතුවා ලොව්තුරු ගුණ තියා
කැලණියෙ පළමුවැනි පෙරහර, ඇරඹුණි දම් රස සොයා
සමුගමි මේ හැම සිහිකර වැඳ වැඳ සම්බුදු පියා