Print this Article


පාතකඩ සර්වෝදය ප්‍රජානායකත්ව භික්ෂු පුහුණු ආයතනය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට පැවරෙයි

පාතකඩ සර්වෝදය ප්‍රජානායකත්ව භික්ෂු පුහුණු ආයතනය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට පැවරෙයි

පාතකඩ සර්වෝදය ප්‍රජා නායකත් ව භික්ෂු පුහුණු ආයතනය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට පවරාදීම සර්වෝදය මූලස්ථානයේ දී පසුගිය දා සිදු කැරිණි. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම උතත්සවය පැවැත්විණි.

එහිදී සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා විසින් ඊට අදාළ ඔප්පුව සහ සන්නස් පත්‍රය නාහිමියන් වෙත බාර දුන් අවස්ථාව මෙහි දැක්වේ. පැල්මඩුල්ල, රිල්හේන පිහිටි මිතුරු මිතුරෝ ආයතනයේ ප්‍රධානී සහ සර්වෝදය වැඩිහිටි මණ්ඩලයේ සභාපති කුප්පියවත්තේ බෝධානන්ද හිමි සහ සර්වෝදය වර්තමාන සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා ද ඡායාරූපයේ වෙති.

හේන්පිටගෙදර ඤාණසීහ අධිකරණ සංඝනායක හිමියන් විසින් 1944 වසරේ දී පාතකඩ දී අරඹන ලද මෙම මධ්‍යස්ථානය 1974 වසරේ දී ඤාණසීහ හිමියන් විසින් සර්වෝදය ශ්‍රමදාන සංසදයට භාර කරනු ලැබීය. අනතුරුව එහි සියලු සංවර්ධන හා පරිපාලන කටයුතු සර්වෝදය මඟින් සිදු කරගෙන ගිය අතර භික්ෂූන් වහන්සේ හැටනමකට නේවාසික පහසුකම් සහිත ව අධ්‍යයන කටයුතු සඳහා සියලු පහසුකම් සපයනු ලැබීය. ආරම්භයේ මේ සඳහා ජර්මනියේ පෙඩ්රික් නවුමාන් සංවර්ධන පදනම මඟින් මූල්‍ය දායකත්වය යටතේ අනුග්‍රහය දැක්වීය.