Print this Article


වඳිමු සඳහිරු සෑ රදුන්

වඳිමු සඳහිරු සෑ රදුන්

සඳහිරු සෑය වඳිමු
රම්‍ය අනුරපුර නගරේ
රට - රැකගත් රණ විරුවන්
සිහිකරමින් අපි මෙදිනේ

ගොඩනැඟු සෑය වඳිමු
පින් පෙත් දී මෙත් සිතිනේ
රජ දවසින් පසු ඉදිකළ
සෑය දිලෙයි ඉර හඳ සේ....

මතු සියවස් රැකෙන්න
පවතින තුරු ලක් දෙරණේ
සඳහිරු සෑය සදා
පුද කෙරුවයි බුදු සසුනේ.....

රට - එක්සේසත් කළ
වීර ගැමුණු රජු පොරණේ
සැදූ මහ සෑය පෙනෙයි
ළඟ මහමෙව්නා උයනේ....

වැඳ වැඳ මහා සෑය
දොහොත් මුදුන් දී නිතිනේ
සඳහිරු සෑය වඳිමු...
ඇවිදින් අපි සන්තොසිනේ...