Print this Article


හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී

මඝමානවක සිදුකළ පරාර්ථ සේවය මත සක්‍රයා බවට පත්විය. සක්ක යනු සකසා පින් කිරීමයි. මේ සක්‍රයා විසින් මනුෂ්‍යයාට වන්දනා කරනු ලබයි. සක්‍රයා ඇතුළු දෙවියන් අපෙන් බලාපොරොත්තු වන්නේ පිනයි. පින් දීමට අප ළඟ පින් තිබිය යුතු ය. පින් ලැබෙන්න නම් යහපත් දේ සිදු කිරීම අවශ්‍ය ය. යහපත් දෑ සිදු කරන්නන්ට දෙවියෝ නිරන්තරව වන්දනා කරති. සක්‍රයා ඇතුළු දෙවියන් වඳින්නේ පහත ගුණයන් සඳහා ය.

අඹුදරුවන් පෝෂණය කරමින් ධාර්මිකව ජීවත් වන මිනිසුන්ට

අවිද්‍යාවෙන් ඉවත් වූ අයට
රාගය දුරු කළ අයට
ද්වේෂය නැති කළ අයට
එකට එක කරන සමාජයේ එහෙම නොකරන අයට
පව් කරලා අපි දෝලා ගෙනියනවා
පින් කරලා උන් දෝලාවෙන් යනවා
උනුත් අපිත් එක සැටියට උපදිනවා අනික් වරේ අපි දෝලාවෙන් යනවා