Print this Article


ඇහැලකන්දේ සුමන හිමියන්ට ගෞරව නාමයක් පිරිනැමේ

ඇහැලකන්දේ සුමන හිමියන්ට ගෞරව නාමයක් පිරිනැමේ

 

`මාවරල පුරාණ විහාරාධිපති, ස්වර භඤ්ඤ විශාරද ,ශ්‍රී රෝහණ සංඝ සභාවේ කර්ම වාගාචාර්ය, ඇහැලකන්දේ සුමන හිමියන්ට, ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක, ත්‍රිංසත් වර්ගික විධායක කාරක සංඝ සභාව විසින් 'සද්ධර්‍මකීර්ති ශ්‍රී සරණතිස්සාභිධාන' ගෞරව නාමය සහිතව මොරවක් කෝරළයේ උප ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනමා තිබේ.

ඒ පිළිබද අක්තපත්‍රය පිරිනැමීම පසුගිය 27 වැනි දින ශ්‍රී රෝහණ මහා සංඝ සභා මූලස්ථානය වන, තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති පරිවෙණස්ථානයේ දී සිදු කෙරිණ . ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක , මහෝපාධ්‍යය ,ශාස්ත්‍රපති, අගලබඩ පියසිරි නාහිමියන් විසින් අක්තපත්‍රය පිළිගන්වනු ලැබූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. රෝහණ මහා සංඝ සභාවේ සානුනායක, ත්‍රිංසත්වර්ගික මහ නාහිමිවරු ද මේ අවස්ථාවට වැඩම කර සිටියහ,