Print this Article


බෞද්ධාලෝක පදනමෙන් දමිළ බෞද්ධයන් වෙනුවෙන් ග්‍රන්ථයක්

බෞද්ධාලෝක පදනමෙන් දමිළ බෞද්ධයන් වෙනුවෙන් ග්‍රන්ථයක්

දමිළ බෞද්ධ අනන්‍යතාවය වෙනුවෙන් දකුණු ඉන්දීය දමිළ බුද්ධ ශාසනයේ හා සාහිත්‍යයෙන් ලැබෙන්නා වු පිටිවහල උසස් මට්ටමක පැවතියත් ශ්‍රී ලංකාවාසී දමිළ බෞද්ධයාට ඒ පිළිබඳ ඇති අවබෝධය ඉතාමත් අල්ප ය. එබැවින් ඒ වෙනුවෙන් දමිළ ජනයාට සැබෑ අවබෝධයක් ලබාදීම පෙරදැරිව ග්‍රන්ථයක් දෙමළ බසට පරිවර්තනය කර ජනගත කිරීමට බෞද්ධාලෝක පදනම කටයුතු යොදා ඇත.

ඒ අනුව කථිකාචාර්ය ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියන් විසින් රචිත “දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථෙරවාදි බුදු දහමේ ව්‍යාප්තිය” නමැති සිංහල ග්‍රන්ථය දමිළ භාෂාවට පරිවර්තනය කිරීම බෞද්ධාලෝක පදනමේ නව කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේ දී බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා වෙත කථිකාචාර්ය, ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියන් විසින් භාරදෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා හා ජනාධිපති නීතීඥ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රවීන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු බෞද්ධාලෝක පදනමේ නිලධාරීන් සහභාගී විය.