Print this Article


කළුතර දිස්ත්‍රික් දහම් සරසවි දෑ අවුරුදු බුද්ධ ධර්ම ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව ඇරඹේ

කළුතර දිස්ත්‍රික් දහම් සරසවි දෑ අවුරුදු බුද්ධ ධර්ම ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව ඇරඹේ

බුද්ධ ශාසන අමාත්‍යංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින්,කොළඹ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හා සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩලය හා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය බෞද්ධ කටයුතු සමායෝජක අංශයේ පූර්ණ මැදිහත් වීමෙන් හය වෙනි වරටත් සංවිධානය කරන ලද ,දහම් පාසල් ගුරුභවතුන් සඳහා සකස් කරන ලද “,දහම් සරසවි දෙවසරක ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව “,ඉකුත්දා (04)කළුතර බෝධි ආරක්ෂක සභාවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු උත්තරීතර ලේකඛාධිකාරී,බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක,වාද්දුව කොරොස්දුව වජිරකොත් පුරාණ විහාරාධිපති,ශාස්ත්‍රපති ගෝනදුවේ ගුණානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කළුතර දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් දහම් පාසල් ගුරුවරු ලෙස අඛණ්ඩ සේවයක් ඉටු කළ ගුරුභවතුන් 172ක් තෝරා ගනු ලැබූ අතර ඔවුන් සඳහා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පාන්තිය ශී‍්‍ර මංගලාරාම පිරිවෙන් මධ්‍යස්ථානය හා කළුතර බෝධිඤාණ ධර්ම පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සතියකට දින දෙකක් වශයෙන් වසර දෙකක් දේශන පැවැත්වෙන බව,එම ආරම්භක උත්සවය අමතමින් ගෝනදුව ගුණානන්ද නාහිමියෝ පැවසූහ.