Print this Article


පිණ්ඩපාත දානමය පින්කම සහ මහා පරිෂ්කාර පූජාව

පිණ්ඩපාත දානමය පින්කම සහ මහා පරිෂ්කාර පූජාව

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ සම්බන්ධීකරණයෙන් සහ තායිවාන ප්‍රධාන සංඝ නායක ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ හා උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා සහ අනුග්‍රහය යටතේ පාරමිතා නමින් පරිෂ්කාර පූජාවක් සංවිධානය කෙරේ.

මෙම පින්කම දොළොස්වැනි වරටත් මේ මස 26 වැනි දින මිහින්තලා පුණ්‍ය භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා උදව් උපකාර කිරීමට කැමැති නම් වියළි ආහාරවලින් සහභාගි විය හැකි බව දක්වා ඇත.