Print this Article


කොත් වහන්සේ නිරාවරණය කිරීම

කොත් වහන්සේ නිරාවරණය කිරීම

කළුතර මූඩගමුව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ, මූඩගමුව ශ්‍රී සුමනාරාමාධිපති, පැල්පොල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී පැල්පොල ධම්මකිත්ති හිමියන්ගේ සහ තත් විහාරාධිකාරි පොල්ගහගොඩ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා ඇතිව දායක, දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් අභිනවයෙන් ඉදි කෙරුණු චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පින්කම පසුගිය 13 වැනි දා සිදු කෙරිණි.

බඹරැන්දේ කුරුඹුරේ ශ්‍රී පූර්වාරාම විහාරය, පනාගොඩ ශ්‍රී සුදර්ශනාරාමය ඇතුළු විහාර ගණයේ ආධිපත්‍ය උසුලන අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පිරිවෙන් උපදේශක ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක හා විද්වත් කාරක සංඝ සභික රාජකීය පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල නා හිමියන්ගේ සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති වර්තමාන බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ නා හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු අතර, මෙම සෑය පුෂ්පධාරා දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සෑය නමින් නම් කෙරුණි.