Print this Article


වඳීමු පුදමු මුනි සිරිපා

වඳීමු පුදමු මුනි සිරිපා

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි

උඳුවප් පුන් පෝය සඳේ
සුමන සමන් දෙව් රජිඳුන්
කළ ඇරැයුම පිළි අරගෙන
මගෙ සම්බුදු හිමිපාණෝ
වැඩියෝ සමනල සිරසට

අනුකම්පා කොට සත වෙත
පිහිට වූහ සමනල මත
මුනි සිරිපා වම් පියුමන්
සුවහස් දන වඳීති පුදති
දෑ කුල ආගම් නොතකති

පඬුරු බැඳන් පිරුවට ඇඳ
සමන් දෙවිඳු පේවීලා
සීත ගඟුලෙ සෝදා පව්
ඉඳීකටු පානෙදි ගෙත්තම්
හද බැතියෙනි පුද කරලා

පෙරදිග අහසේ රතුවට
මතුවන පෙර මඟ සලකුණ
මගෙ සම්බුඳු හිමි සිරිපා
වඳිනා ඉර සේවය දැක
තුන් සරණේ කව් ගීයෙන්
කරමු කරමු වන්දනා