Print this Article


ලේ දන් දීමේ පින්කමක්

ලේ දන් දීමේ පින්කමක්

අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ වැඩ බලන මහනායක, උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති, ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර ධර්ම විද්‍යාලාධිපති, “විනය කීර්ති ශ්‍රී ධම්මාලංකාර කවිධජ” , “ශ්‍රී සද්ධර්ම ජෝතික ධජ”, “ශාසන ශෝභන” , “ලෝකත්ථචාරි” උදම්මිට අස්සජිතිස්ස නාහිමියන්ගේ 81 වන ජන්ම දිනය නිමිති කොටගෙන දහම් පාසල් ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ මහා පින්කමමෙම 12 වන ඉරිදා උදෑසන 8.30 සිට ජාඇල උදම්මිට උත්තමාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත ය.

2013 වර්ෂයේ සිට පුරා වසර හතක් සාර්ථකව සංවිධානය වු මෙම ලේ දන්දීමේ වැඩසටහන රාගම රුධිර බැංකුවේ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂණ අධික්ෂණය සහ මඟපෙන්වීම යටතේ මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව අට වැනි වරට යි. ඒ සඳහා සහභාගි වන ලෙස දහම් පාසල් ආදී ශිෂ්‍ය සංගමය රුධිර පරිත්‍යාගශීලී ඔබ සැමගෙන් කාරුණිකව ආරාධනා කර සිටියි.