Print this Article


සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විධායක සභාවට කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමි පත්වේ

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විධායක සභාවට

කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමි පත්වේ

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දොළොස් දෙනෙකුගෙන් යුත් විධායක සභාවට මොනරාගල තැරෑල පුරාණ රජ මහා විහාරාධිපති ශ්‍රී විජයවර්ධන පිරිවෙනේ පරිවේණාධිපති කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමි පත්වී ඇත.

මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය හොබවන සුගතානන්ද ස්වාමීන් වහන්සේ බිබිල සහ මොනරාගල අධ්‍යාපන කලාපයන්හි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පිරිවෙන්)ලෙස සේවය කරති.