Print this Article


වෙහෙර බිමක පින් මහිමය

වෙහෙර බිමක පින් මහිමය

කඳු පාමුල පිහිටා ඇති විහාරය
වළගම්බා රජුන් කළ බව පැහැදිලිය
තුන් මහ බෝධි උඩමලුවේ දිස්වේ ය
තුණුරුවන්ට ලැදි පිරිසක් මෙහි වේ ය

මැදිරි විහාරය වැනසෙන වෙලාවට
තරුණ පිරිස එක්රැස්විය විසඳුමට
වැඩම කෙරුණ පින්වත් නා සමිඳුහට
හැකිකම තිබුණි පන්සල ගොඩනඟන්නට

දායක සභාවේ මුලසුන හොබවමිනේ
සතර පේරුවම දැනුවත් කරවමිනේ
තරුණ කැළට අනුශාසක හිමි සඳුනේ
පිනැති දනා යහමගකට යොමු කෙරුණේ

දහම් මැදුරෙ වැඩ විගසට නිම කෙරුණේ
උස් ගල් තලයෙ බුදු පිළිමය වැඩසිටිනේ
අවට පරිසරය දැන් දැන් බැබළෙන්නේ
මතු පරපුරට සදහම් සුව ගෙන දෙන්නේ

සිතිවිලි දහම නිති බැතියෙන් පුබුදු කරන්
පැරැණි විහාරේ නටබුන් සොයා දෙමින්
කෞතුක වස්තු ගොඩනගන්නට වෙහෙස වෙමින්
තව තව පෙරට වැඩ කටයුතු නිමා කෙරෙන්

සසුන් කෙතට රන්වන් වී ඉසිමින්නේ
බුදු සසුනේ යහගුණ දම් වපුරන්නේ
ගරුතර විපස්සී නා හිමියන් වැජඹෙන්නේ
ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන්නේ