Print this Article


සදහම් අරණ

පිරිසුදුකම

මිදුලේ මල් ගස් වවලා
අකුලේ වල් ගස් කපලා
වත්තපිටිය පිරිසුදු කර

තබා ගනිමු එකමුතු වී
අමුණා ඇති එක නූලක
අගනා මුතු ඇට අහුරක
සිනාවෙමින් එකමුතු වී

අපි හිඳිනෙමු එක පෙළකට
ආදරය යි කරුණාව යි
නිවස පුරා දෝරෙ ගලයි
අපේ ඇල්ම බැල්ම ලැබී
පරිසරයත් පිරිසුදු වෙයි


සතුන්ට හිංසා නොකරමු

සතුන් යනු අප අවට පරිසරයේ ජීවත්වන තවත් එක් පිරිසකි. බොහෝ විට මිනිසුන් විසින් සතුන්ට හිංසා කරනු ලැබුවත් සතුන්ගෙන් වන හිංසා අඩු ය. ඔවුන් හරිම අහිංසක ය. සතුන් අප අවට වාසය කරන නිසා පරිසරය ඉතා සුන්දර ය. සමහර රටවල නොයෙක් ආකාරයේ යාග හෝම පැවැත්වීම සඳහා සිය දහස් ගණන් සත්ව ජීවිත විනාශ කර දමයි. මේ ලෝකයේ සිටින බුද්ධිමත් මිනිසුන් ලෙස සතුන් ද තමන්ගේ ජීවිතයට ආදරය කරන බව අප කල්පනා කළ යුතු ය. අපි සතුන් වෙත මෛත්‍රිය, දයාව, කරුණාව, අනුකම්පාව ආදී උසස් ගුණාංග ඉස්මතු වන ලෙස කටයුතු කරමු.


වලාකුළෙන් මිදුණු සඳක්

කොසොල් රටේ මහ රජතුමාගේ පුරෝහිත තනතුරේ සිටියේ භග්ග නම් බමුණෙකි. එම බමුණාටත්, මන්තානි බැමිණියටත් උපන් කුමරු අහිංසක නම් විය. අහිංසක දොළොස් හැවිරිදි වියේ දී තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා වෙත ගොස් ශිල්ප හදාළේ ය. ඒ වනවිට දිසාපාමොක් ඇදුරු වෙත සිටි හොඳම ශිෂ්‍යයා අහිංසක ය. පසු කාලයේ වැරැදි අවබෝධයක් නිසා ගුරුතුමා මේ කුමරුගෙන් ඇඟිලි දහසකින් බැඳී මාලයක් ගුරු පඬුරු ලෙස ඉල්ලා සිටියේ ය. එනිසා අහිංසක කුමරු මිනීමරුවකු බවට පත්විය.

මිනිසුන් මරා ඇඟිලිවලින් සැකසූ මාලයක් කරේ දමා සිටි නිසා ඔහු අංගුලිමාල නමින් ප්‍රසිද්ධ විය. තම රටේ ජනතාවගේ ඉල්ලීම මත කොසොල් රජු යුද සේනාව ද සමඟ අංගුලිමාල අල්ලා ගැනීමට සූදානම් විය. මහා කරුණාවෙන් බුදු ඇසින් ලොව බැලූ තථාගතයන් වහන්සේ පෙර පින් ඇති අංගුලිමාල දුටු සේක. ඔහු ආනන්තරීය පාප කර්මයක් කර ගැනීමට පෙර වනයට වැඩි සේක. අංගුලිමාල දමනය කර පැවිදි උපසම්පදාව ලබා දුන් අතර නොබෝ කලකින් උන්වහන්සේ රහත් ඵලයට පත්වූහ.

සඳුනි වාසනා

08 ශ්‍රේණිය-ශාන්ත ඇග්නස් බාලිකා මහ විදුහල - රත්නපුරය


පිය ගුණ කවි

දරු ලොව එළිය කළ
අප්පච්චියි පහන් සිල
අව්වේ තැවුණ ගත
හෙලූ දහදිය නිම නැත
උපමා පහසු නැත
වෙතොත් මහ සාගරය සම වෙන
මහරගම සුදස්සන හිමි


බුදුහාමුදුරුවෝ

අපේ සුරතලා

ගෙවත්ත

හොරොව්පතානේ කස්සප හිමි
03 වසර
ප්‍රඥානන්ද පිරිවෙන
මහරගම

අවිස්සාවේල්ලේ සුලෝචන හිමි
03 ශ්‍රේණිය
ශ්‍රීමහා මහින්ද පිරිවෙන
අනුරාධපුරය

ලොෂිත් රත්නසේකර
02 ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල වැල්ලවත්ත