Print this Article


වඳිම් බැතින් සඳහිරු තුඟු මහ සෑය

වඳිම් බැතින් සඳහිරු තුඟු මහ සෑය

යුද බිය රුදු තිස් වසරක
පලවා හැර රට රකිනට
තිස් දහසක් දිවි පුද කළ
අපෙ රණවිරු දූ දරුවන්

සිහි කර තැනු සඳහිරු සෑ
වඳිමු පුදමු හද බැතියෙන්

අත් පා නෙත් සුවහසකින්
මව් බිම රැකුමට පුද කළ
නොබෙදු රටක් මතු පරපුර
වෙතට පිදුව හෙළ විරු දරු

සිහි කර තැනූ සඳහිරු සෑ
වඳිමු පුදමු හද බැතියෙන්

රුහිරු වගුළ හෙළ දෙරණට
සුවඳ තබා වා තලයෙහි
නෙත පියවුණු විරු දරුවනි
දැය ම ඔබට ණය ගැති වේ

සිහි කර තැනු සඳහිරු සෑ
වඳිමු පුදමු හද බැතියෙන්