Print this Article


පැවිදි පින්කමක්

පැවිදි පින්කමක්

ගවරන්හේන, බලංගොඩ එච්. වික්‍රමසිංහ හා සිරියලතා දෙපළගේ පුත් ඉඳුනිල් ප්‍රභාත් වික්‍රමසිංහ දරුවා බලංගොඩ සුජාත යන නමින් පසුගිය දා පැවිදි විය. එම පින්කම, ලොස්හේන ශ්‍රී විසුද්ධාරාමාධිපති, විශ්‍රාමලත් විදුහල්පති අස්සැන්නවත්තේ රතනජෝති නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ගලේවත්ත ශ්‍රී බෝධිරාජාරාමයේ විහාරාධිපති, දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරී, තිඹිරියාගොල්ලේ රේවත හිමියන් සහ දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමාධිපති, මීගමුව හරිස්චන්ද්‍ර ජාතික විදුහලේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති කටුකෙන්දේ විජිත හිමියන්ගේ ද ආචාර්යත්වයෙන් සිදු විය.