Print this Article


වැලි මළුවේ ලියූ කවි ග්‍රන්ථය දොරට වඩී

වැලි මළුවේ ලියූ කවි ග්‍රන්ථය දොරට වඩී

“වැලි මළුවේ ලියූ කවි” නමින් තම පළමු ස්ව නිර්මාණ සංග්‍රහය තිළිණ කරන මැදවල නිමලසිරි හිමියෝ විශ්වවිද්‍යාල ජිවිතය තුළ කෘති කීපයක් සංස්කරණය කිරීම උදෙසා තම දායකත්වය ලබා දුන් හිමි නමකි. වර්තමානයේ බණ්ඩාරගම ධර්මචක්‍ර බාලක ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන උන්වහන්සේගේ සිතේ හටගත් නිර්ව්‍යාජ සිතිවිලි කවි බසකට හරවන්නට මෙම ග්‍රන්ථයෙන් උත්සාහ කර ඇත.

මෙම ග්‍රන්ථය දොරට වැඩිමේ උත්සවය බණ්ඩාරගම ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනම් මූලස්ථාන ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා පැවැත් වූ අතර මෙම ග්‍රන්ථයේ ප්‍රථම කෘතිය මැදවල නිමලසිරි හිමියන් විසින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උප කුලපති සහ ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ ගරු සභාපති ආචාර්ය බෝදාගම චන්දිම නා හිමියන් වෙත පිළිගන්වනු ලැබීය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ උපසභාපති ජගත් සුමතිපාල මහතා ඇතුලු ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.