Print this Article


ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය ලේඛකාධිකාරි ධුරය මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ට සභාපති ධුරය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමියන්ට

ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය

ලේඛකාධිකාරි ධුරය මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ට සභාපති ධුරය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමියන්ට


මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ
නා හිමි

 මුගුණුවෙල අනුරුද්ධ
නා හිමි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය පසුගිය 23 වැනිදා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. එහිදී වසර 30කට ආසන්න කාලයකට පසුව සභාපති හා ලේකම් ධුරය සඳහා නව නා හිමිවරුන් දෙනමක් නිතරගයෙන් තේරී පත් වූහ.

ඒ අනුව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි ධුරය හිමි වූයේ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මැලේසියාවේ ෆිනෑන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති, නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමයේ නිර්මාතෘ මාතලේ බලකඩුව පන්සල්තැන්න අනුරුධ අරණ විහාරාධිපති මාතලේ දිස්ත්‍රික් ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ටය. උන්වහන්සේ පසුගිය නිලවරණයෙන් ප්‍රථම වරට උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩල සභාපති ධුරයට හා ප්‍රථම වරට මාතලේ දිස්ත්‍රික් ලේඛකාධිකාරි ධුරයට පත් වූහ.

සභාපති ධුරයට පත් වූයේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමිපාණන් ය උන්වහන්සේ මීට පෙර වැඩ බලන සභාපති ධුරය ද හෙබ වූ අතර වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති ධුරය දරමින් නිරතුරුව ම මාධ්‍ය ඔස්සේ බුදු දහම පිළිබඳව ජනතාව දැනුවත් කරති. විශේෂයෙන්ම බුදුසරණ පුවත්පත ඔස්සේ විශේෂාංග ලිපි රැසක් උන් වහන්සේ විසින් සම්පාදනය කර තිබේ.

මෙහිදී නියෝජ්‍ය සභාපති ධුරය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන්ටත්, නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියන්ටත් හිමි වූහ. මාධ්‍ය ලේකම් ධුරය සඳහා නාගදීප විහාරවාසී දියමයිලගස්වැව අරියකිත්ති හිමියෝ පත් වූහ.