Print this Article


සඳහිරු සෑ රදුන් සසුනට පිදුණු වගයි

සඳහිරු සෑ රදුන් සසුනට පිදුණු වගයි

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුණු රණවිරුවන් සැමරීම සඳහා අනුරාධපුරයේ ඉදිකෙරුණු සඳහිරු සෑ රදුන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනි දා සම්බුදු සසුනට පූජා කෙරිණි. 2010 වසරේ ඉදිකිරීම් ඇරඹුණු මෙම සෑ රදුන් වහන්සේ බුබ්බුලාකාර හැඩයෙන් යුතු ය. වසර දහස් ගණනකට පසු මෙවන් සුවිශාල චෛත්‍යයක් ඉදි වූ ප්‍රථම වතාව යි.